Pages

Saturday, May 26, 2012

අපේ සිංහල ජාතියට හා ආගමට දිනෙන් දින එල්ලවන බලපෑම්...




අන්ත්‍රාවයි...!

ලාංකික ජන සමාජය රුදුරු මුස්ලිම් ජිහාඩ් මූලධර්මවාදය අභියස...

අතීශයින්ම භයංකර වූත් සැහැසි වූත් "මුස්ලිම් මූලධර්මවාදී ජිහාඩ්" සංකල්පය විස්තරාත්මකව පැහැදිලි කිරීමට මෙය අවස්ථාව නොවූවත්, ප්‍රභේද ගණනාවකින් මුස්ලිම් ආගමික නායකයින් විසින් ද අර්ථදක්වන එය... ස්ලාමික ස්වාමීත්වය ලෝක ව්‍යාප්ත කරවීම සදහා යොදාගන්නා මනුෂ්‍යත්වය මායිම් නොකරන නින්දිත වූත් කුරිරු වූත් මූලධර්මවාදී ආගමික සංකල්පයක් ලෙස කෙටියෙන් පෙන්වාදිය හැකිය...

තර්ජනයේ ස්වරූපය අතින් LTTE යද කිහිප ගුණයකින් අභිබවා යන තරම් අතිශයින්ම භයංකර "ජිහාඩ්" සෙවනැල්ල අතීතයේ පටන් වර්තමානය දක්වාම බෞද්ධ මෙන්ම ඉන් පරිබාහිරව සමස්ථ ලෝකයම ග්‍රහනයට නතු කරගනිමින් පවතී. මේ අදුරු සෙවනැල්ල තායිලන්තයේ හා ලාඕසයේ සදෘශ්‍යමානවත්, ශ්‍රී ලංකාවේ අදෘශ්‍යමානවත් ඔබ මෙය කියවන මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතී...

=========================================
කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක
මුස්‌ලිම් පාතාලයේ පිරිස්‌ එක්‌වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක්‌

කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක්‌ සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති මුස්‌ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්‌ලිම් ජනතාව අතර ඉස්‌මතු කරමින් සිටින බව ආරක්‍ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.

විශේෂ වාර්තාවක්‌ මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක්‌ ලෙසින් මුස්‌ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වේ.

ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්‌ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්‍ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.

කිසියම් පිටස්‌තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්‍ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්‌තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්‌ද මොවුහු ක්‍රියාත්මක කරති.

තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්‌ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්‌ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්‌ථාවකදී කිසිවක්‌ පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විස¹ ගත යුතු බවට මොවුන් මුස්‌ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබේ.



************************************************************************************************************








බුදු සසුන වැනසීමේ සර්වාගමික මාෆියාව...

මේ ගෙවී යන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. 2010 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වෙනුවෙන් 'පිලිවෙතින් පෙළගැසෙමු' යනුවෙන් සංකල්පද හදුන්වාදෙමින් බොදු සමාජය සාරධර්ම අතින් සංවර්ධනය කරවීමේ වැඩ පිළිවෙලක්ද දියත් වූ අතර.. සාරධර්ම කෙසේ වෙතත් බුදු දහමේ හරයද වටිනාකමද විනාශ කරලීමේ කූට කුමන්ත්‍රණ නම් වෙනදාටත් වඩා සාර්ථකව දියත් වෙමින් පවතින බව හොදාකාරවම පෙනෙන්නට තිබේ. 

බොහො අය සිතා සිටින්නේද? වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. ‍නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි.... මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්‍රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්‍රකට කරුණකි... මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්‍රණයයි.

බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන අයට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය...

එමෙන් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නේද? 

ඉහතින් සදහන් කල කොම්පඥ්ඥ වීදිය පොලීස් ස්තානය තුල "සර්වාගමික සංකල්පය" අනුව ඉදිකර ඇති සර්වාගමික බුදු කුටියද එවැනි තවත් එක් විපරීතයකි.... අප ගෞරවයෙන් වදින පුදන බුදු කුටියක බුදු පිළිරුව දෙපසින් වැඩ සිටින්නේ සැරියුත්, මුගලන්, මහරහත් උතුමන් වහන්සේලාය. ඒත් මේ සර්වාගමික බුදු කුටිය දෙපසින් ඇත්තේ මොනවාදැයි බලන්න. මේ විකාරය දෙස බැලීමේදී සිතෙන්නේ මේ රට බහු ආගමික බහු ජාතික බහුබූතයක් ලෙස නොවේද? මෙයින් පෙනෙන්නේ තමන් බෞද්ධයන් කීමට කැමති නැති, මේ රට බෞද්ධ රටක් ලෙස හැදින්වීමටවත් කැමති නැති බටහිර සංස්කෘතිය සරණ ගිය මොවුන්ගේ මන්දමානසිකත්වය නොවේද? අප මෙසේ යෝජනා කරන්නට කැමතිය. හැකිනම් පෑලියගොඩ සිට මීගමුව දක්වාත්, නැගෙනහිර පලාතේ ඇති සියලුම, ස්ලාම්, කිතුණු පල්ලිවල පසෙකින් බුදු පිලිමයක් තබන්න.. ඔවුන් එයට කෙසේවත් එකග වෙයිද? තවත් සැලකිය යුතු වැදගත් කරුණක් නම් බුදු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පන්සලේදී වනවා මෙන්ම ස්ලාමයට හා කිතු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පල්ලිය තුලදීය.. එසේ නම් මෙම සර්වාගමික මුඩුක්කු තුලදී ඒ ඒ දර්ශනයන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙයිද?

මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ‍ඔවුන්ට ‍ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. මේ දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්‍රණයයි. මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහලජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාරයයි. ඔබ සැබෑ ලෙසම බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. සියලුම අන්‍යාගම් වලට නිසි ගෞරවය ලබා දිය යුතුය. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි විය යුතුය...
සියලුම බෞද්ධයන්ගේ දැනුවත් වීම උදෙසා මේ පණිවිඩය හැකි තරම් SHARE කරන්න.

මෙන්න ඒ "සර්වාගමික බුදු කුටිය" https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/389770_239485172827473_100002979764103_452652_814815771_n.jpg

විශේෂයෙන් මතක් කල යුතුයි... ආදරණීය කිතුණු සොයුරනි. අපි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ සිංහල බෞද්ධ සමාජය ඉලක්ක කරගෙනයි. ජේසුස් ක්‍රිස්තු සමිදාණන් හෝ උන්වහන්සේගේ ධර්මය ගැන හෝ ඔබගේ ආගමික භක්තිය කෙරෙහි අංශුමාත්‍රයක හෝ විවේචනයක් අප කරන්නට හෝ සිතන්නේ නැත. මෙය මුලුමනින්ම අගාධයට වැටෙමින් පවතින බොදු සමාජයේ දැනුවත් වීම උදෙසාමයි..

Tuesday, May 15, 2012

ඉදිරියේදී සිහල දිවයින මුස්ලිම් වෙයිද​?


කූරගල විහාරයේ අද තත්වය​...

ඉතා සුක්‍ෂම ලෙස මුස්ලිම් ජාතිකයන් විසින් කෙමෙන් කෙමෙන් අපගෙන් උදුරාගනිමින් පවතින, සිංහල ජාතියට අහිමිවෙමින් පවතින බෞද්ධ උරුමයන් අතර ඉතාම අනාරක්ෂිත තත්වයේ ඇති කූරගල බෞද්ධ පුදබිමට සිංහල බෞද්ධයාට ඇති අයිතිවාසිකම නැවත මතක්කර දෙමින්, බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදුවී වසර 2600ක් වූ පසුගිය ජනවාරි 08 වැනි පුන් පොහෝ දින, ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කල කූරගල වන්දනා පුණ්‍යකර්මයට, නිර්ව්‍යජ්‍ය ලෙසම සිංහල ජාතියේත් සම්බුද්ධ සාසනයේත් උන්නතිය ප්‍රර්ථනා කරන ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන රත්නපුර සිරි වජිරාරාම ධර්මවිජය සමාජයද මෙසේ සහසම්බන්ධ වන්නට යෙදුනි.






අපිට අද ඇතුල් වෙන්න සිද්ද වෙන්නෙ මේ මුස්ලිම් තොරන යටින්. අහෝ... සිංහලයනි...







අදට ඉතුරූ වී ඇති එකම බොදු සලකුණ









අලුතින් තනා ඇති මුස්ලිම් ස්මාරක​

පිංවත් සිහලුනි දැන් වත් අවදිව්... අපට ඇති එකම රට බේරා ගනිමු...

Tuesday, May 1, 2012

ලංකා මාතාව රැක ගනිමු...


දඹුල්ල පූජා භූමි ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා දියත් කර ඇති විරෝධතාව හේතුවෙන් තමන්ට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාර එකක් හෝ සනාථ කරන ලෙස තමන් රජය හා සියලු පාර්ශ්වවලට විවෘත අභියෝගයක් කරන බව රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එලෙස ඒවා සනාථ කළහොත් තමන් තවත් තත්පරයක් හෝ පැවිදි ජීවිතයේ නොසිටින බවද සුමංගල හිමියන් සිය නිවේදනයේ දක්වා ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
1982 දී රජය විසින් සැලසුම් කළ දඹුල්ල පූජා භූමි සංවර්ධන ප්‍රදේශය ඇතුළත නීති විරෝධී ලෙස මුස්ලිම් හා හින්දු දේවස්ථානයක් ඉදිකිරීමට විරුද්ධව බෞද්ධ උරුමය ආරක්ෂාකර ගැනීම උදෙසා අප විසින් දියත්කර ඇති දැඩි විරෝධතාවයත් සමග එයට එරෙහිව ඇතැමෙකු විසින් නැවත කණ්ඩලම මඩ ව්‍යාපාරය සක්‍රිය කිරීමට පටන්ගෙන ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය බිඳ දැමීම සඳහා කණ්ඩලම වැව ඇතුළු මහා පරිමාණ වාරි පද්ධතියම විනාශ කර සංචාරක හෝටල් ඉදිකිරීමට ගත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පරාජය කිරීම කණ්ඩලම විරෝධතාවයේ පදනම විය. කණ්ඩලම එහි ප්‍රථම අදියර ලෙස අපි දුටුවෙමු. එකී හෝටල්කරුවන් කණ්ඩලම වැව් තාවුල්ල අක්කර 5ක් පමණ පස්වලින් පුරවා කණ්ඩලම වැවට කළ විනාශය සුලුපටු නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ එතෙක් ගංවතුර වැනි මහා වර්ෂාවකට පමණක් කලාතුරකින් වාන් දමන කණ්ඩලම අද වන විට සුළු වර්ෂාවකට පවා වාන් දැමීමය. මෙසේ වැවේ ජලධාරිතාවය අඩුවීම හේතුවෙන් කණ්ඩලම වැව යටතේ ඇති ‍පෝෂක ප්‍රදේශයේ වාරි ජලය හිඟවී ගොවීහු අසීරු තත්ත්වයකට පත්ව සිටිති. වැවට අපද්‍රව්‍ය එක්වී ජලය දූෂණය වී ඇත. අද වන විට සිදුවී ඇති විනාශය අපමණය.
මෙම තත්ත්වය ඇතිවීමට කලින් අප එය නුවණැසින් දැක එයට විරෝධය දැක්වූවෙමු. එවකට පැවැති රජයේ මාත‍ලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ කැබිනට් ඇමැතිවරයෙක් හෝටල්කරුවන්ගෙන් වරදාන දොළ පිදේනි ගෙන එවකට සිටි ජනාධිපතිවරයාද නොමග යවා ‍පොලිස් මුරකාවල් යොදා ගනිමින් විරෝධතාවය නොසලකා හෝටලය තැනවීය. එසේම පෞද්ගලිකව මට විරුද්ධව මඩ ප්‍රචාරය කිරීමේ කොන්ත්‍රාත්තුවද ඔහු භාරගෙන තිබුණි. අද ඔහු ජීවතුන් අතර නැත. එසේ වුවද සදාකාලිකව පීඩාවට පත් වී සිටින ගොවි ජනතාව දිනකට වරක් හෝ දෙවරක් එතුමාගේ මෑණියන් සිහි කරන බව නම් ඇසේ. එහෙත් මම නම් එතුමා දැනට සිටින අවීචි මහා නරකාදියෙන් අත්මිදේවා යන කාරුණික ප්‍රාර්ථනාව පමණක් කරමි.
දඹුල්‍ලේ පල්ලි කෝවිල් පසු පසද ඇත්තේ වත්මන් රජයේ මාත‍ලේ දිස්ත්‍රික්කය හා විශේෂයෙන් දඹුල්ල නියෝජනය කරන ඇමැතිවරයෙකි. ඔහුගේ වැඩපිළිවෙලත් පෙර පරිදිමය. ඔහුගේ හැසිරීම ගැන පසුවට තබමු.
ඉහත සඳහන් පරිදි එසේ එම වැව්තාවුල්‍ලේ නීති විරෝධී ඉදිකිරීම කළත් අප විරෝධතා ව්‍යාපාරය නිසා කලාවැව, නුවර වැව, නාච්ච දූව ආදී වැව් ආශ්‍රිතව සැලසුම් කර තිබූ යෝජිත හෝටල් ව්‍යාපෘති රාශියක් නැවතුනි. වැව්තාවුළු නීතිය නැවත නැවත සක්‍රීය විය. කණ්ඩලම හෝටල් සමාගම පරිසර සම්මාන ලබා ගැනීමට තරම් පරිසර හිතකාමීන් බවට පත්කරවීය. එනයින් තිරසාර හා දිර්ගකාලීන ජයග්‍රහණයන් ජනතාවට දුන්නෙමු.
කරුණු මෙසේ වුවත් කණ්ඩලම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දීම හේතුවෙන් මට විරුද්ධව නැගුණු මඩ ප්‍රචාර සමාජයේ ඉහළ ස්ථර දක්වා විහිද ගොස් ඇති බව මට දැනගන්නට ඇත. පහත දැක්වෙන්නේ මට දැනගන්නට ඇති ඉන් සමහරකි.
1. ඉනාමලුවේ හාමුදුරුවන්ට කණ්ඩලම හෝටලයේ කාමරයක් වෙන් කර ඇත.
2. හාමුදුරුවන්ට දානය ගෙනෙන්නේ කණ්ඩලමේ හෝටලයෙන්ය.
3. අලුතෙන් ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු පන්ස‍ලේ සංවර්ධනය කණ්ඩලම හෝට‍ලේ දායකත්වයෙන් සිදුවෙයි.
සියලුම මඩ ප්‍රචාර මම තරයේ ප්‍රතික්‍ෂේප කරමි. මෙම උතුම් චීවරය දැරීමට මා නුසුදුස්සෙකි. දඹුල්‍ලේ හොර තක්කඩිකම් කරන ඇතැම් ද්‍රෝහී දේශපාලකයන්ට හා ඔවුන්ගේ තක්කඩි අමන ගෝල බාලයන්ට දඹුල්‍ලේ රිසිසේ කටයුතු කිරීමට පිණුම් ගැසීමට ඇති ලොකුම බාධාව මා දඹුල්‍ලේ පන්ස‍ලේ සිටීම බව සියල්ලෝම දනිති. මා පන්සලෙන් ඉවත් කිරීමට ඒ අයට මෙය හොඳම අවස්ථාවක් බව පෙන්වා දෙමි.
අපේ හාමුදුරුවනේ මුලු සිංහල ජාතියම ඔබ වහන්සේ සමඟයි....