Pages

Tuesday, May 1, 2012

ලංකා මාතාව රැක ගනිමු...


දඹුල්ල පූජා භූමි ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා දියත් කර ඇති විරෝධතාව හේතුවෙන් තමන්ට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාර එකක් හෝ සනාථ කරන ලෙස තමන් රජය හා සියලු පාර්ශ්වවලට විවෘත අභියෝගයක් කරන බව රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එලෙස ඒවා සනාථ කළහොත් තමන් තවත් තත්පරයක් හෝ පැවිදි ජීවිතයේ නොසිටින බවද සුමංගල හිමියන් සිය නිවේදනයේ දක්වා ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
1982 දී රජය විසින් සැලසුම් කළ දඹුල්ල පූජා භූමි සංවර්ධන ප්‍රදේශය ඇතුළත නීති විරෝධී ලෙස මුස්ලිම් හා හින්දු දේවස්ථානයක් ඉදිකිරීමට විරුද්ධව බෞද්ධ උරුමය ආරක්ෂාකර ගැනීම උදෙසා අප විසින් දියත්කර ඇති දැඩි විරෝධතාවයත් සමග එයට එරෙහිව ඇතැමෙකු විසින් නැවත කණ්ඩලම මඩ ව්‍යාපාරය සක්‍රිය කිරීමට පටන්ගෙන ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය බිඳ දැමීම සඳහා කණ්ඩලම වැව ඇතුළු මහා පරිමාණ වාරි පද්ධතියම විනාශ කර සංචාරක හෝටල් ඉදිකිරීමට ගත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පරාජය කිරීම කණ්ඩලම විරෝධතාවයේ පදනම විය. කණ්ඩලම එහි ප්‍රථම අදියර ලෙස අපි දුටුවෙමු. එකී හෝටල්කරුවන් කණ්ඩලම වැව් තාවුල්ල අක්කර 5ක් පමණ පස්වලින් පුරවා කණ්ඩලම වැවට කළ විනාශය සුලුපටු නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ එතෙක් ගංවතුර වැනි මහා වර්ෂාවකට පමණක් කලාතුරකින් වාන් දමන කණ්ඩලම අද වන විට සුළු වර්ෂාවකට පවා වාන් දැමීමය. මෙසේ වැවේ ජලධාරිතාවය අඩුවීම හේතුවෙන් කණ්ඩලම වැව යටතේ ඇති ‍පෝෂක ප්‍රදේශයේ වාරි ජලය හිඟවී ගොවීහු අසීරු තත්ත්වයකට පත්ව සිටිති. වැවට අපද්‍රව්‍ය එක්වී ජලය දූෂණය වී ඇත. අද වන විට සිදුවී ඇති විනාශය අපමණය.
මෙම තත්ත්වය ඇතිවීමට කලින් අප එය නුවණැසින් දැක එයට විරෝධය දැක්වූවෙමු. එවකට පැවැති රජයේ මාත‍ලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ කැබිනට් ඇමැතිවරයෙක් හෝටල්කරුවන්ගෙන් වරදාන දොළ පිදේනි ගෙන එවකට සිටි ජනාධිපතිවරයාද නොමග යවා ‍පොලිස් මුරකාවල් යොදා ගනිමින් විරෝධතාවය නොසලකා හෝටලය තැනවීය. එසේම පෞද්ගලිකව මට විරුද්ධව මඩ ප්‍රචාරය කිරීමේ කොන්ත්‍රාත්තුවද ඔහු භාරගෙන තිබුණි. අද ඔහු ජීවතුන් අතර නැත. එසේ වුවද සදාකාලිකව පීඩාවට පත් වී සිටින ගොවි ජනතාව දිනකට වරක් හෝ දෙවරක් එතුමාගේ මෑණියන් සිහි කරන බව නම් ඇසේ. එහෙත් මම නම් එතුමා දැනට සිටින අවීචි මහා නරකාදියෙන් අත්මිදේවා යන කාරුණික ප්‍රාර්ථනාව පමණක් කරමි.
දඹුල්‍ලේ පල්ලි කෝවිල් පසු පසද ඇත්තේ වත්මන් රජයේ මාත‍ලේ දිස්ත්‍රික්කය හා විශේෂයෙන් දඹුල්ල නියෝජනය කරන ඇමැතිවරයෙකි. ඔහුගේ වැඩපිළිවෙලත් පෙර පරිදිමය. ඔහුගේ හැසිරීම ගැන පසුවට තබමු.
ඉහත සඳහන් පරිදි එසේ එම වැව්තාවුල්‍ලේ නීති විරෝධී ඉදිකිරීම කළත් අප විරෝධතා ව්‍යාපාරය නිසා කලාවැව, නුවර වැව, නාච්ච දූව ආදී වැව් ආශ්‍රිතව සැලසුම් කර තිබූ යෝජිත හෝටල් ව්‍යාපෘති රාශියක් නැවතුනි. වැව්තාවුළු නීතිය නැවත නැවත සක්‍රීය විය. කණ්ඩලම හෝටල් සමාගම පරිසර සම්මාන ලබා ගැනීමට තරම් පරිසර හිතකාමීන් බවට පත්කරවීය. එනයින් තිරසාර හා දිර්ගකාලීන ජයග්‍රහණයන් ජනතාවට දුන්නෙමු.
කරුණු මෙසේ වුවත් කණ්ඩලම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දීම හේතුවෙන් මට විරුද්ධව නැගුණු මඩ ප්‍රචාර සමාජයේ ඉහළ ස්ථර දක්වා විහිද ගොස් ඇති බව මට දැනගන්නට ඇත. පහත දැක්වෙන්නේ මට දැනගන්නට ඇති ඉන් සමහරකි.
1. ඉනාමලුවේ හාමුදුරුවන්ට කණ්ඩලම හෝටලයේ කාමරයක් වෙන් කර ඇත.
2. හාමුදුරුවන්ට දානය ගෙනෙන්නේ කණ්ඩලමේ හෝටලයෙන්ය.
3. අලුතෙන් ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු පන්ස‍ලේ සංවර්ධනය කණ්ඩලම හෝට‍ලේ දායකත්වයෙන් සිදුවෙයි.
සියලුම මඩ ප්‍රචාර මම තරයේ ප්‍රතික්‍ෂේප කරමි. මෙම උතුම් චීවරය දැරීමට මා නුසුදුස්සෙකි. දඹුල්‍ලේ හොර තක්කඩිකම් කරන ඇතැම් ද්‍රෝහී දේශපාලකයන්ට හා ඔවුන්ගේ තක්කඩි අමන ගෝල බාලයන්ට දඹුල්‍ලේ රිසිසේ කටයුතු කිරීමට පිණුම් ගැසීමට ඇති ලොකුම බාධාව මා දඹුල්‍ලේ පන්ස‍ලේ සිටීම බව සියල්ලෝම දනිති. මා පන්සලෙන් ඉවත් කිරීමට ඒ අයට මෙය හොඳම අවස්ථාවක් බව පෙන්වා දෙමි.
අපේ හාමුදුරුවනේ මුලු සිංහල ජාතියම ඔබ වහන්සේ සමඟයි....

No comments:

Post a Comment