Pages

Thursday, July 28, 2011

Multi-Religion Attack on Buddhism - බුදු සමය නසන සර්වාගම් ප්‍රහාරය

Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න 

සැ. ‍යු. සිංහල බෞද්ධ අපිට ආණ්ඩු විරෝධී වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එසේ වීම සුදුසුද නොවේ. එනමුත් අඳ බාලයන් විසින් ආණ්ඩුවට කරන විනාශය නම් කෙසේවත් සුලු පටු නොවේ. බිඳෙන් බිඳ එකතු වන ජලය මහා කල්දේරමක් වුවද සහමුලින් පුරවා ලන බව කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. මෙම මුග්ධ ක්‍රියා නිසා සිංහල බෞද්ධ එකා දෙන්නා ආණ්ඩුවට අහිමි වීම වැළකිය නොහැක. 

කොතරම් ඉල්ලීම් දුන්නත්, මුසල්මානුවා ආණ්ඩුව කඩේ යවා, හකීම් පස්සේම වැටෙයි. දෙමළා ආණ්ඩුවකඩේ යවා TNA පස්සේම වැටෙයි. එම ඡන්ද මෙම මුග්ධ ක්‍රියාවෙන් කිසිවිට දිනා ගත නොහැක (මන්ද ජාතිවාදය ඔවුන්ගේ මොළ සෝදාගෙන, ලේ ධාතුවේම තැන්පත් වී ඇති නිසයි ) . ආණ්ඩුවට ඇති ඉහලම බලය සිංහල බෞද්ධ බලයයි. එය විනාශ කර ගැනීමටත් මෙම මුග්ධ ක්‍රියාවම හේතු වීම දෛවයේ සරදමක් විය හැකිය. 

සිංහල බෞද්ධයාට, අති උතුම් බුද්ධ සාශනයට සිය එකම රටේ කුඩම්මාගේ සැලකිලි දීම ආණ්ඩුවට ගෙවා ගැනීමට අපහසු පාප කර්මයක් වනු ඇත.

"ධර්ම නිධාන" අඩවියේ පළ කර ඇති ධර්ම පත්‍රිකාව මෙසේ බෞද්ධයන්ට වධ දෙන කවරෙකුට වුවත් මුහුණ දීමට සිදුවන විපාක සම්බුද්ධ දේශනය අනුව විස්තර කරයි.
බලන්න

සිල්වතුන්ට වද දීමෙන් තමාට ලංවන – දස වැදෑරුම් දුක්ඛයෝ


බුදු සමය භංග කිරීමට අගමැති දි. මූ. පරළ වී නටන සර්වාගම් තොවිලය

විශාල වීමට පින්තූරය මත Click කරන්න

රාවන සොයුරන්ගේ පණිවුඩ





අනන්ත ලෝක ධාතුවටම යම් උසස් ම රත්නයක් ඇද්ද එම ඕනෑම රත්නයක් බුද්ධ රත්නයට දෙවෙනි වේ. එය පරම සත්‍යක් බැවින් එහි සත්‍ය ක්‍රියා බලය, මිනිසුන්ට පැමිණිය හැකි සියලු දොස් දුරු කිරීමට රතන සූත්‍රයේ භාවිතා කෙරේ. එම සූත්‍රයේ අසම සම බලය, භාවිතයෙන් අත් දුටුවෝම ඉතා හොඳින් දනිති.

සර්වාගම් තොවිලයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ බුදු රජාණන් වහන්සේගේ එම උසස් බව වංචනික ලෙස බෞද්ධ මනසින් අතු ගා දමා, ලොව පුරා වසංගත බවට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටීන් වලටද බුදු පියාණන් හා සම තත්වයන් ලබා දීමට උත්සාහ කිරීමයි. මෙය දැඩි මිථ්‍යාදෘෂ්ටියක් බැවින් විපාක, සිතා ගැනීමටත් නොහැකි තරම් බරපතල වේ. මෙම භවයෙන් චුතියත් සමග අවීචි ගත වන නිරි සතා, කල්ප ශත සහශ්‍රයකින් වත් අවීචියෙන් ගොඩ නො එනු ඇත. මෙයට කිසි ලෙසකින් වත්, සිතිවිලි මාත්‍රයකින් වත් උපකාරී කිරීමෙන් ඔබගේ මතු භවය විනාශ නොකරගන්න. 

මෙයින් සිදුවන අනික් හානිය නම්, බුදු පියාණන් වහන්සේට දැනට ලැබෙන පුද පූජාවන් පවා මෙමගින් ඇහිරී යාමේ තර්ජනයයි. බුදු පියාණන් වහන්සේ, මිථ්‍යාදෘෂ්ටීන් සමග එකම මට්ටමේ තබා ඇති විට, එම පව්කාර සකස් කිරීම දෙසට යාම පවා සැදැහැවත් බෞද්ධයන්ට සිත් නොදේ. එම නිසා ලැබිය යුතු පුද පූජා බෞද්ධයන්ගෙන් නොලැබී යයි. මිථ්‍යාදෘෂ්ටිකයෝද, මෙම මානසිකත්වයෙන්ම එම ස්ථාන මග හරී. අවසානයේ ප්‍රථිඵලය වන්නේ කිසිවෙකුගේවත් පුද පූජා වලට ලක් නොවන සර්වාගමික කෙළෙස් මධ්‍යස්ථාන රට පුරා බිහි වීම පමණි. 

දැක්විය හැකි සියලු ආකාර වලින් විරෝධය පා, සිදුවීමට යන මෙම සහශ්‍රයේ මහා ඛේදවාචකයෙන් බුදු සසුන බේරා ගැනීමට උත්සාහ කරන්න.

No comments:

Post a Comment