Pages

Friday, January 20, 2012

බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් බව, නයන හෙට්ටිආරච්චි නම් පුද්ගලයෙක් යු‍ටුයුබ් වීඩියෝවකින් පැවසුවා ඔබට මතක ඇති. මෙන්න ඔහුට ප්‍රියංකර ලියනගේ සොයුරාගෙන් කදිම පිළිතුරක්...

[මේ ප්‍රියංකර ලියනගේ මිතුරාගේ පිළිතුරට ඔබ කැමතිනම් ඊට Like කරන්නත් අමතක කරන්න එපා.]

එසේම බෞද්ධ ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ බුදුරදුන් ආත්මාර්ථකාමී යැයි කියූ නයන හෙට්ටිආරච්චි නම් පුද්ගයලාට අනුකම්පා කරන ලෙසයි. එයට හේතුවනම් වන්නේ ඔහු කිසියම් මානසික පීඩාවකින් පෙළෙන බව අප හට ආරංචි වීමයි. ඒ අතින් අපගේ අනුකම්පාව ඔහු වෙත හිමි විය යුතු අතර ඔහුගේ මිතුරු මිතුරියන් නෑදෑයින් ආදීන් ඔහුට උදව් කරත්වා.

ඒ මනුස්සයා බුදු හිමියන්ට කළ යම් අපහාසයක් වේ නම්, එයට යම් වන්දියක් ගෙවීම ඔහු විසින් මතු භවයකදී කරනු ඇත.. ( ඔහු ඊට සමාව ගන්නා වීඩියෝවක් ද ඇත..) , එයින් තිලෝගුරු බුදු පියාණන්ට සිදුවන හානියක් නැත.. නමුත්, බුදු රජාණන් වහන්සේ වූ කළී "මුඩු මහණ, යළි මේ ඉසව්වේ නො - එව " කියා පාත්‍රයට කෙළ ගැසූ බමුණන්ටත් "පිංවත මැනව" කියා ඉවසීම ප්‍රකාශ කළ, ඉවසීමේ මහා ප්‍රතිමූර්තියයි... ශාප කිරීමෙන්, බුරා පැනීමෙන්, කල්ලි පිටින් එක්වී පාකිස්ථානයේ උතුරු දිග "පංචායත් සභා" මෙන් හැසිරීමෙන් තරම් බුදු හිමියන්ට අපහාසයක් වෙනත් අයුරකින් කළ නොහැක... ඔහු කියනා දෙයක් වෙතොත් ඔහේ කියා ගන්නට ඉඩ දීම හෝ නැතහොත් රෝගී තත්වයක් වෙතොත් අනුකම්පා කිරීම අද බුදු හිමියන් වැඩ සිටියා නම් අනුදැන වදාරනු ඇත...
දේවදත්තට මම පිළිතුරු දෙනවා.... මොකද හිතන්නේ....

No comments:

Post a Comment